Sunday 24 November 2013

ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . .

කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.

මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔ‍ය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.

ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි දෙන්න බොහොම සැහැල්ලුවෙන් වැඩේ කර ගත්තකි කියල හිතාගෙන,නෙට් එකෙන් ගත්ත කොල ටිකත් අරගෙන ලැස්ති උනා.නමුත් හරියටම ක්‍රමේ දැනගෙන උන්නේ නැහැ අපි දෙන්නම.ඕක ගැන හිතුවෙම නැහැ යාලුවෝ තුන් දෙනෙක් එක එක හේතු කියනකල්.

ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කල එකෙක් හම්බවෙන්න ගියා ඔය පරිනතයි කියන සෙට් එකේ.ගිහින් කීව අපිට මේක කරගන්න පොඩ්ඩක් කියා දීයන් කි‍යලා.

"මල්ලි මේක ලේසි දෙයක් නෙමේ.හොදටම සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන.මට ශුවර් නැහැ උබලට මේක කරගන්න පුලුවන් කියල.එක නිසා අහවල් කෝස් එක අවුරුදු දෙකක් කරලා තව අවුරුදු දෙකක් මම වගේ එකෙක් ගාව  වැඩ කරන්න ඕන "



පින්තුරේ :cultivatedsociety.com

තව එකෙක් ගාවට ගියා...

" මල්ලි මේක #$^@# එකේ ^%^ 2342 කරලා $%^&^&*()(* කොරල @$#@%$ දීල $&&*^ ඇරගෙන &^%&^^* ගාවට ගිහින් . . . . . මට මල්ලි හදිසි වැඩක් තියනව ඕන කමක් තිබුනොත් කියන්නකෝ"

පින්තුරේ ගත්තේ:top-10-list.org


ඔන්න ඔහොමයි...කෙරෙන ක්‍රමයක් නෙමේ .... ඌට අපිට තේරෙන්න ඕන නැහැ. තව අවුල් කරන්න ඕන...

දැන් ඉතින් තවත් මේක එක්ක තව කතා කරල වැඩක් නැති නිසා අපි එන්න ආව.

ඔය කතාව අහගෙන උන්න අපේ සෙට් එකේ එකෙක් ෆෝන් නම්බරයක් දීල කීව මෙන්න මේ අහවලාට කතා කරන්න කියල.ඔය වෙනකොට අපිට මේ වැඩේ එපා වෙල ඉවරයි.ඇත්තටම බොහොම  කනගාටුවක් දැනුන අපි මෙච්චර කල් බොහොම හොදින් අසුරු කල අය මේ පොඩි දේකට,උපදෙසක් දෙන්න මෙහෙම කල එකට.

ඉතින් අර ලැබුන නොම්බරේ කෙනාට කතා කලාම ඒ මනුස්සය මේ රටේ බොහොම ලොකු ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්.

ඔය මනුස්සයා අපිට එන්න කීව ගෙදරට.ගත්ත කොල ටික සේරම කතා කරන බාසාවෙන් කියා දුන්න. ලොකු ලොකු වචන දැම්මේ නැහැ.මෙහෙම කීව.

"මල්ලි ඔයාල එන්න හැම සිකුරාදම මම ඔය ඉන්ටර්විවු යන අයට පන්ති කරනව මගේ ගෙදර නොමිලේ.ඔයාල ඒකට එන්න ඕන කරන දේවල් ප්‍රශ්න ඔක්කොම සාකච්චා කරනව"

එතකොට තමා අපිට මතක් උනේ අර සින්දුව.

"වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අනික තමා ඔක්කොම වෘර්තිමය ඉරිසියාව ගැටළු තියෙන්නේ පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .