Tuesday 14 May 2013

දුරු රට රැකියා සෙවීම

මමත් දුරු රටක රැකියාවක් හොයාගෙන ආවනේ.ඔන්න ආවට පස්සේ උන දේවල් වලින් කතා දෙක තුනක්.ටිකක් පරණ කතා, දැන් නම් හිනා වෙන්න හොදයි.ඉස්සෙල්ලම මම මගේ යාළුවා ඉන්න තැනට ආව.එක ලොකු විලා එකක කාමරයක්.ලංකාවේ කට්ටියක් තමා උන්නේ.තව රැකියාවල් හොයන්න ආව 6 දෙනෙක් විතර හිටියා.

බස් එකේ ගමන



Image From www.emirates247.com
ඔන්න එක දවසක් මගේ මිත්‍රය උදේ වැඩට යන්න කලින් මට සල්ලි දීල කිව, අද හවස පහ විතර වෙනකොට ටව්න් එකට වරෙන්ය, බස් එකේ යන්න පුරුදු වෙන්නත් එක්ක කියල.මේ වෙන කල් මම මෙහෙ බස් එකක ගිහින් තිබුනේ නෑ. කොටින්ම එලියට ගිහින් තිබුනේ ලග තියන කඩේට විතරයි. මම දැන් හවස ඇදගෙන සල්ලි අරගෙන ආව බස් නැවතුමට.ඒකේ තියනව බෝර්ඩ් එකක්.ඔකේ ලියල තියනව 41,48 බස් නම්බර් මෙතනින් යනවා කියල.මට මූ කීවෙ 41 නිසා ඒ එකක් එනකල් මම හිටිය.ඔන්න එකක් ආව.එක සෙනග පිරිලා එකට මාව ගත්තේ නෑ.

විනාඩි 15 වගේ යනකොට තව එකක් ආව.මට ඉස්සරහින් නගින්න කියල කියල තිබ්බ නිසා මම ගිහින් ඉස්සරහ දොරෙන් ඇතුලට ආව.රියදුරුට සල්ලි දීල කීව යන තැන.ඌ මට ටිකට් එක දීල අරාබි වලින් මොනවද කියනවා. මට තේරෙන්නේ නෑ.ඇතුලට යන්න කියල වෙන්න ඈති කියල යන්න ගියාම යන්න දෙන්නේ නෑ. දොර පෙන්නලා බහින්නලු.දැන් මගේ ඔලුව හොදටම අව්ල්.කියන දෙයක් තේරෙන්නේ නෑ.අනික සල්ලි ගන්නේ නැතිව ට්කට් එකක් දෙන්නේ නැතිව මෙහම උනා නම් මම බැහැල යනවා මොකද සෙනග වැඩි කියල හිතා ගන්න පුළුවන්නේ.දැන් ටිකට් එකකුත් දීල සල්ලිත් අරගෙන මට බහින්නලු.මිනිස්සුත් බලාගෙන ඉන්නව.මු අත පය විසි කර කර බහින්න කියල තමා කියන්නේ.

මම බැස්ස.බැහැල දැන් එකත් පසව ඉන්නවා.මූ කියනවා මොනවද මම දන්නේ නෑ ඇත දික් කරනවා බස් එක ඇතුලට.දැන් මම හිතනවා මූ මට මේ බනිනවා තමා.මම කරපු වරද්දකුත් නෑ.මෙච්චර සෙනග ඉද්දි නැග්ගේ ඇයි කියලද දන්නේ නෑ. ඔන්න ඔහොම. එහෙනම් මූ මොකටද ටිකට් එකක් දුන්නේ ??? මම දැන් හිතට හොදටම අව්ල්.බස් එක යන්නෙත් නෑ. මූ ටිකක් වෙලා ඉදල මට ආපහු නගින්නලු.අතින් කියනව ඇතුලට එන්න කියල.දැන් මට මේක තවත් තේරෙන්නේ නැතුව ගියා.( මම පස්සේ දන්නේ ඌ අරාබි විතරක් දන්නා ඊජිප්ට් එකෙක්).දැන් මූට මල හොද එකෙන් පැනල.

මම කල්පනා කරනවා යකො එක්කෝ පලකො දැන්.ඇයි මේ මාව අල්ලාගෙන ඉන්නේ? දැන් මටත් මල පැනල.දැන් මූ සීට් එකෙන් නැගිටලා ඇවිත් අතින් කියනවා නගින්න කියල. මේක දැන් ලොකු කේස්‌ එකක් , බස් එකේ මිනිස්සු බලාගෙන ඉන්නවා එකෙක්වත් මොනවත් කියන්නේ නෑ.එතන අරාබි දන්නා එකෙක් හරි ඉන්න ඇති එත් කතා කලේ නෑ. දැන් මම බස් එකේ නැගල යනවා මූ මගෙත් එක්ක අරාබි වලින් කතාව.මට ඇත්තටම අර කියන්නේ මානසික හිරි වැටෙනවා කියල ඒ වගේ කියන කිසි දෙයක් දැනෙන්නේ නැතුව ගිහින්.ඇත්තටම හරිම අපහසුතාවකට මම පත් උනා.

කොහොම හරි ගමන ඉවර වෙලා, මම බස් එක දිහා බලන්නේවත් නැතිව බැහැල ගියා.ගිහින් මාව මේ කරදරේ දාපු එකා එනකල් ඉන්නවා. මූ ආපු ගමන් මම ඇහුව "ඈ බන් මෙහෙ බස් වල ටිකට් අරගෙන බැහැල ඊලග බස් එකේ එන්න කියනවාද?? "... මාව මේ කරදරේ දාපු එකා කියන්නේ නම් මට පස්ස දොරෙන් නගින්න කියල කියන්න ඇතිලු.මට නම් එහෙම දෙයක් හිතුනේ නෑ...

පළවැනි ඉන්ටර්විව් එක( යන ගමන් ) 


Image Frowww.thenational.ae  
ඉතින් දැන් මම ආවේ මම ඉගෙන ගත්ත විෂයට බාහිර රැකියාවක් හොයා ගන්නනේ.යාළුවා කිවත් අමාරු නෑ කියල මට තිබුනේ ටිකක් බයක්.හිතේ හයියට ආවට මොකද, අවේ ලොකුම ලොකු අවදානමක් එක්කනේ.දැන් මුල් සතියේ මගේ යාළුවා මට චිත්‍ර මනින හැටි කියා දුන්න.ඌ කාර්යාලයේ කරන වැඩ ටික කරන විදිය කියා දුන්න.ඌ හරි හොද එකා.දැන් නම් මෙහෙ නෑ.ලංකාවේ හොදින් ඉන්නවා.අපි ඉස්සර ඌ එක්ක තමා පාඩම් කරන්නේ.එක දවසක් අපේ කැම්පස් එකේ ඉන්න තව පාඨමාලාවක් කරන පිරිසක් එක්ක පොඩි ගැටුමක් ඇති උනා.ඕක උනේ රෑ පාඩම් කරන කොට.ඉතින් දැන් කට්ටිය දෙපැත්තට වෙලා මරාගන්න ලැස්ති වෙනවා.අනිත් පාර්ශවයේ උන් ඉතිහාසය නැවත මතක් කරමින් ලී පොලු අරගෙන රෙඩි වෙලා.අපිට ලොකු දේවල් නෑ.ඉතින් මේ මගේ යාළුවාට හොද අදහසක් ආව.ඒ අනුව ඒ ලගම තිබුන අපේ බෝඩිමට ගිහින් ඇදවල් වල පොලු ටික ගලවාගෙන ආව.රෑ වෙනකොට කව්රුත් පාරම් බෑව විතරයි ගහ ගත්තේ නෑ.පොලිසියෙන් ඇවිත් පොලු ඔක්කොම අරගෙන ගියා.ඉතින් පහුවදා ඉදන් අපි මූට බැන බැන මෙට්ට ටික බිම දාල නිදා ගත්තා.

ඔන්න මුගෙන් කුප්පි දා ගෙන, මම දැන් ටිකක් ඒ රැකියාව කරන්න පුළුවන් මට්ටමකට ආව.පුලුවන් කියන්නේ මගේ යාළුවා කරන වැඩ ටික දුන්නොත් මට කරන්න පුලුවන්.වැඩේ තියන්නේ ඌත් මම වගේමනේ.මුලින් ඉගෙන ගත්ත ටික තමා ඌත්  දන්නේ.ඊට පිටින් දෙයක් දන්නේ නෑ.දැන් රැකියාවල් වලට ඉල්ලුම්පත්‍ර දානවා.ලංකාවෙත් වැඩ කලාය, මේවා මේවා දන්නවය, මේ ගැනත් ටිකක් දන්නවා, මෙන්න මේවා නම් ඉගෙන ගනිමින් ඉන්නවා කියල අයදුම් පත්‍රය හැදුව.

ඔන්න ඔහොම දෙවැනි සතියත් ගෙවිල ගියා.දැන් මට දවසක් ආව ඇමතුමක්.අල්ලපු රටේ ආයතනයක්.මගේ අයදුම්පත ලැබුණය, ඉන්ටර්විව් එකකට එන්නය කියල.මොකක්දෝ නමක් කීව දන්නා විදියට ලියා ගත්තා.ආ  එකක් අමතක උනා, මම දැන් ලංකාවේ මේ රැකියාව කරලා තියන්නේ කියල ආයතනයක නමක් දැම්මා.පස්සේ එක එච්චර හොද නෑ කියල වෙනස් කලා.දැන් මම දන්නේ නෑ මොන ආයතනය තියන අයදුම්පතද ඔය ඇමතුම දුන්න කෙනා  තියන්නේ කියල.කෝකටත් මම දෙකෙන්ම කොපි දෙකක් අරගෙන පිටත් උනා.

බස් එකෙන් ගිහින් අමාරුවෙන් ටෙලිෆෝන් කාර්ඩ් 2ක් විතර වියදම් කරගෙන තැන හොයා ගත්ත.දැන් ටිකක්  කල් වැඩි නිසා  එතන තිබුන පාර්ක් එකක ඉදගෙන හිටිය පැය බාගයක් වගේ.දැන් වෙලාව හරි කියල දැනුන නිසා නැගිට්ට,  එතනින් නැගිටලා පාර පැනල යන්න ඕන අදාළ තැනට.

ඔය පාර පනින්න කලින් තමා මේ පාර්ක් එකේ තනකොල වවපු හරිය තියන්නේ.ඕක මැදින් යන්න  එපා කියල පොඩි බෝර්ඩ් කෑල්ලක් දැක්ක උනත් මම ඒ තරම් ගණන් ගත්තේ නෑ.ඔය කියන තනකොල කොටස ටිකක් ලොකුයි.මම දැන් සහතික ටිකත් අරගෙන ඕක මැදින් එන්න ආව.හරියටම මැදක් වගේ එනකොට.හෙන වතුර මල් වගයකින් වතුර විදින්න ගත්තා.මොනවා උනාද කියල තේරුම් යන්න කලින් මම දුවගෙන එතනින් එලියට ආව.ඇවිත් බලපුවම අර තනකොළ ලගදී හදල තියන්නේ.ඒවාට වතුර දාන්නේ ඔටෝමැටික් ස්ප්‍රින්ක්ලර් වලින්.එව්වා තමා වැදිලා තියන්නේ.පොඩ්ඩක් බලනකොට ඇදුම ඉවරයි.මෙහෙම ඉන්ටර්විව් ගියහැකිය.දැන් මගේ මානසික තත්වය නොදන්නා රැකියාවක් ගැන පළවැනි ඉන්ටර්වීව් එකකට යන්න ඕන කරන ප්‍රශස්ත මට්ටමේ තියන්නේ.සහතික වල කොන් තෙමිලා.හැබැයි එක ඒ තරම් අව්ලක් හිතුනේ නෑ මොකද මෙහෙ පළවැනි ඉන්ටර්වීව් වල සහතික බලන්නේ නෑ කියල අහල තිබුන නිසා.ඒ උනත් මෙහෙම ඇදුම් තෙමාගෙන තැනකට යන්න බෑ. එක නිසා දුන්න වෙලාවට විනාඩි 45 කට පස්සේ ඉන්ටර්වීව්එකට ගියා.

පළවැනි ඉන්ටර්විව් එක( වෙලාවේ  ) 
තාම ඇදුම් තෙතයි..ඒ උනත් තවත් පරක්කු වෙනවා කියන්නේ ඔය මිනිස්සු ටික යයි යන්න කියල ඇතුලට ගියා.ගිහින් බලනකොට ටිකක් ලොකු කාර්යාලයක්.ලස්සන පිළිගැනීමේ නිලදාරිනියක් එහෙම හිටිය.මම ගිහින් කිව මම අහවලා, පරක්කු උනා එන්න තැන හොයා ගන්න අමාරු උනා කියල.ඒ වෙනකොට හවස 6යි. මාව පරීක්ශා කරන්න නියමිත ප්‍රදාන ___තුමා බලාගෙන ඉදල ගිහින්.ඉතින් ජී ඇම් මහත්තයට කියල බලන්නම් කීවා.එතකල් ටිකක් ඉන්න කිව.මමත් ඉදගෙන හිටිය උත්තරයක් දෙනකල්.

ඔන්න තව විනාඩි 20ක් විතර ඉන්නකොට කීවා උඩට යන්න ගිහින් ජී ඇම් මහත්තය හම්බ වෙන්න කියල.මමත් උඩට ගිහින් කාමරේට තට්ටුවක් දාල ඇතුලට ගියා.ජී ඇම් අල්ලපු රටේ වයසක පොරක්.මේ අපේ මිත්‍ර ටමිල්නාදුවේ...ඉතින් අර මුලින් ඉන්ටර්විව් වල කතා කරන ආ ගිය තොරතුරු ටික කතා කරලා මට මේසයක් ගාවට ගිහින් කිව මේ චිත්‍ර ටික මැනල බඩු ටික ලියල දෙන්නය කියල.එහෙම කියල ඒ මේසෙම අනික් පැත්තේ ඉදන් මිනිහ බත් එකක් දිග අරගෙන කන්න පටන් ගත්තා. මම එක ඒ තරම් ගණන් නොගත්ත බව පෙන්නල මගේ වැඩේ කරගෙන ගියා.මගේ යාළුවා කාර්යාලයෙන් පන්නගෙන ආපු චිත්‍ර වගේ ඒවා නිසා අව්ලක් නැතිව වැඩේ කරලා දුන්න.එක බට ජාතියක් දිග විතරක් මැනල, අවශේශ බඩු මනින්න දන්නේ නෑ කීව.එහෙම කියන්නය කියල මගේ යාළුවා කියල දීල තිබ්බේ.

මිනිහ ලිස්ට් එක අරගෙන කෑම එකේ තිබුන චපාති එකක් අරගෙන මට කන්නලු.පොඩ්ඩක් වෙනස් තමයි.මොකද කරන්නේ මට සෙට් වෙන්නේ මම වගේම උන් තමා කියල හිතාගෙන ඒකත් කෑව.මූ අර ගණන් ටික අරගෙන ෆොන් එකෙන් වෙන එකෙකුට කීව.මම හිතුව දැන් මොකෙක් හරි පයිතෙක් ඕකේ අඩු පාඩු කියයි කියල.එහෙම දීල මගේ අයදුම්පත අරගෙන ටිකක් වෙලා කියවල.මගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුව.

ඊට කලින් කියන්න ඕන මගේ මුල්ම අයදුම් පත මම වෙන එකෙක්ගෙන් අරගෙන කොපි කරලා මගේ විස්තර ඇතුලත් කල එකක්.දැන් මෙයා ගාව තියන්නේ ඒ පරණ එක. එකේ තිබුන තැනක "bar bending schedule" කියල.ඒක වෙනම ඉංජිනේරු ක්ෂේත්‍රයකට බාවිත වෙන වචනයක්.වැරදිල ප්‍රින්ට් වෙලා.

 මූ මේකම ඇහුවනේ මගෙන් මේ මොකක්ද කියල.මගේ කන් දෙක රතු වෙනවා දකින්න ඇති, මුනට දාඩිය දානවත් දකින්න ඇති.දැන් මම මේක, වැරදිල ප්‍රින්ට් වෙලා ඒක නිසා මම අයදුම්පත වෙනස් කලා, ඔය තියන්නේ පරණ එක මෙන්න මේක තමා අලුත් එක කියල දෙන්නද අලුත් එක, බෑනේ පින්වතුනි???(මාරයාගෙන් කොපි කලේ )

එක නිසා මම කීවා" ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඇක්ටිවිටි ටියිම් බාර් එකේ ස්ටාර්ට් ෆිනිෂ් බාර් ඩීටේල් ශේඩියුල්" එක කියල මහ පොලොව නුහුලන බොරුවක් අද බෑවා(Name Dropping).ඇද බාල අර මගේ හිත හිරිවට්ටන සීන් එක දා ගෙන ඉන්නවා ඕනෑම ලැජ්ජාවක් මගේ නොවේ වගේ. දැන් මූ ඒකට කිසිම හැගීමක් නැතිව මගේ දිහා බලාගෙන ඉදලා.මෙන්න මෙහෙම කීව."මම දන්නවා උබ මේකේ ලියල තියන දේවල් සහ උබට කල හැකි දේවල් මොනවද කියල.මට කරගන්න තියන්නේ මෙන්න මේ වැඩ ටික_______.උබට මම අවස්ථාවක් දෙනවා වැඩ ඉගෙන ගන්න.උදේ ඇවිත් දවසේ මොන මොනවා හරි කරලා හවස යන්න නෙමේ, උබ කරන්න දන්නා වැඩ ටික හරි විදියට කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.ඒක නිසා මම උබට මාස 3ක් කල් දෙනවා, උබට මම මෙච්චර පඩියක් දෙනවා මාව බලාපොරොතු කඩ වෙන තත්වයට පත් වෙන්න එපා "කියල මට යන්න කීව හෙට උදේ එන්න කියල.

මම හිටියේ අර හිත හිරිවට්ටන සීන් එකේ හිටපු නිසා මේ කතාවේ වචන ටික හැරි තැන් වලට දාල ඉන්ග්රීසි ටික තේරුම් ගත්තේ බස් එකේ ඇවිත් ගෙදර ගාවින් බැහැල පයින් යන ටිකේ.ඌ තමා එතන ඉදන් අවරුදු 3ක් සහ මස 3ක් ( අර මට දුන්න මාස 3 න) මගේ බොස් වෙලා මට ගොඩක් දේවල් කියා දුන්නේ.ඌ ඒක කලේ ඇයි කියලත් මට තේරුනා ඔය කාලේ අතර තුර.ඒක පසුවට.

13 comments:

  1. ඡේදයන් ළොකු වැඩියි. ළිපිය බොහොම දිගයි. කියවීම වෙහෙස කරයි.. හොඳ බ්ලොග් කීපයකට ගොඩවී බලන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති උපදෙස් වලට.උබ විතරයි මේ වගේ දෙයක් වත් කිවේ...
      ඒ වැරදි ටික හද ගන්නම්.අදම ...
      බොහොමත්ම ඉස්තුති

      Delete
    2. මාතලන්ගේ කතාවට එකඟයි. කතාව ටිකක් කුට්ටි කළා නම් හොඳයි වගේ

      Delete
  2. ඔයාට තිබුණේ මේ කතා තුන පොස්ට් තුනකට දාන්න , එහෙම වුනානම් බ්ලොග් එකත් නිතරම් අප්ඩේට් , ඔයාටත් ලේසියි, හැබැයි මරු අත් දැකීම, දිගටම ලියමු. ඔයගේ ලිවීමේ විලාසය නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත, මොකද කරන්නේ ඊ ලග එකවත් එහෙම කරන්නම්.මේක තිබ්බේ චා විදියට පස්සේ තමා චේද කඩුවේ.උපදෙසක් තියේ නම් දීහන් මචන් මම මේ වැඩේට අලුත් නිසා...

      Delete
  3. ‘මානසිකව හිරිවැටෙනවා‘ මාර වචනේ

    ReplyDelete
    Replies
    1. අතක් පයක් හිරි වැටුනම ඇනයක් ගැහුවත් දැනෙන්නේ නෑනේ.ඒ වගේ හිතටත් කිසිදෙයක් දැනෙන්නේ නැතිව යන්නේ බන්,ආන්න ඒ සීන් එක ...

      Delete
  4. කතා දෙකක් දැක්කා. පෝස්ට් දෙකකට හොඳට යනවා. කමක් නෑ. ලියන රටාව ගොඩක් හොඳයි. මං අල්ලපු රටේ ඉන්නේ. :) මගේ බොසත් ඉන්දියන්. හැබැයි උතුරු ඉන්දියාවේ. ලංකාවේ ක්‍රිකට් පිස්සෙක්. වැඩියම කැමති සනත්ට. මනුස්සයා අස්වෙලා යනවා ලබන මාසේ. ඒ යන්නේ ඔයා ඉන්න දිහාට.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, හිතේ තියන ටික ලියාගෙන ගියා.තේරුනේ නෑ දෙකකට දන්නා පුළුවන් කියල.මම කවදාවත් ලියපු එකක් කියවන්නේ නෑ.එක නිසා මේ අවලා උනේ.එක නිසා තව වෙඡා අව්ලක් ඔය එලාග පොස්ට් එකක් දැම්ම ඕන බන්.බලහන් ඒකත්...
      මේ බොසා මගෙන් මචන් වැඩ ගත්ත හොදට.තව පොස්ට් එකක් ලියන්නම් කෝ උගේ වැඩ ගැන.

      Delete
  5. ඔහොම තමයි ලියන්න පටන් ගන්න කාලේ දිගට ලියවෙනවා . මට හිතෙන්නේ කමක් නැහැ කියලා .

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ... දැක්කනේ වෙච්ච දේ. ලියාගෙන ගියා.පබ්ලිෂ් බොත්තම එබුවා එවරයි.:) :) ඔන්න මම දැම්ම වල කැන්ටිමට තියන දුර ගැන පොස්ට් එකක්.එකත් කියවන්න...

      Delete
  6. මං කල්පනා කරන්නේ ඇයි යන්න එපා කියල තියෙද්දී අර තණකොල උඩින් ගියේ කියලා.

    විරෝධතාවයක් සඳහාද?
    නැතිනම්, නොසැලකිල්ලද?
    එහෙම කරන්න එපා ය කියලා පැහැදිලිවම කියලා තියෙන එකක් කරන්නම ඕනෑ කියලා හිතෙනවාද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ උනේ, ඕක දැක්ක ගමන් ඒ තරම් ගණන් ගත්තේ නැහැ.හැබැයි නැවට පස්සේ එකේ වටිනාකම තේරුණා.ඉතින් මේක ලියනකොට ඒ වටිනාකම ගැන හිතේ තිබුන,ඉතින් මේකේ නාන්න කලින් ඒ බෝර්ඩ් එකේ වටිනකම ටිකක් වැඩියෙන් ඉස්මතු උණා ඒ වෙලාවේ දැනුනට වඩා...

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .