Tuesday 30 April 2013

චරිත තුනක් . . සහ අවුරුදු 6 ක් . . .

පහුගිය දවසක මට හම්බ වෙලා කතා කරන්න ලැබුන පරණ යාලුවෝ දෙන්නෙක් එක්ක.අන්තිමට හම්බ උනේ අවුරුදු දහයකට කලින්. ඒ කාලේ අපි ඉස්කෝලේ යන අන්තිම කාලේ.අපි හැමෝටම එක එක කාලෙට ෆිට් වෙන යාලුවෝ ඉන්නවනේ උසස්පෙළ පන්ති යනකොට, ඉස්කෝලේ බස් එකේ, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හදන කොට උදව්වට සෙට් වෙන උන් වගේ කාලයක් හොදටම ඉදල පස්සේ සම්බන්දකම් අඩු වෙන ආවෝ ගියෝ ඈයෝ උබල ආපි හැමෝටම ඇති.ආන්න ඒ යාලුවෝ දෙන්නෙක්.

මගේ ජීවිතේ මම හිතාගෙන හිටිය විදියට දෙපාරක් වැරදුනා හොදම එකෙන්.ඒ කියන්නේ අවශේෂ වැරදීම් ඇරෙන්න.
පලවෙනි එක තමා මගේ රැකියාව පිණිස ලංකාවෙන් පිට වීම.
මම මගේ උසස් අධ්‍යාපනය ඉවර වෙනකොට අපේ ගෙදර ආර්ථික තත්වය ඉතා දුර්වල මට්ටමක තිබ්බේ.කැම්පස් අන්තිම අවුරුද්දේ හිටියේ ඉවර වෙන්නේ කොයි වේලාවේද කියල ජොබ් එකක් හොයාගෙන කීයක් හරි හොයා ගන්න.කැම්පස් එක ඉවර උනා, මම ජොබ් එකක් හොයාගත්ත කොලබට ගොඩක් දුර ගෙදරට ගොඩාක් දුර.පළවැනි රැකියාව නිසා ලොකු පඩි හම්බ උනේත්  නෑ ජොබ් එක ඕන නිසා දුර ගැන බැලුවෙත් නෑ.ඔහොම යනකොට කෑමට, සති අන්තයේ කෙල්ල හම්බවෙන්න කොලබ යන්න,  මාසෙකට සැරයක් ගෙදර යන්න පඩිය වාෂ්ප වෙන සිදිධියක් උනා.ඔහොම මාස 10ක් ජොබ් එක කලා.ජොබ් එක ගැන කියල වැඩක් නෑ හොදම කට්ටක්.මම ෆ්‍රෙෂ් නිසා ඉතින් කුණ කෑව.ඔහොම ඉන්නකොට මගේ එක්ක කැම්පස් හිටිය යාලුවෙක් මට වගේම ගෙවල් ගොඩ දැමීමේ යුතුකම තියන එකෙක් රට ගියා ඉගෙන ගත්ත ක්ෂේත්‍රයෙන් පිට වෙන රැකියාවකට.එකම හේතුව සල්ලි.දැන් මටත් චර්ම රෝගයක් වැළදුනා රට යන්න. එක දවසක් සයිට් එකේ පොඩි කතා බහක් උනා කළමනාකරු එක්ක, ඒ ගැම්ම පිට අරූට කතා කරලා කීව මචන් මාව කොහොම හරි ගනින් මොන මගුලක් කරන්න හරි කමක් නෑ කියල.ඌත් ඉක්මනටම වීස එකක් එව්වා මොකද ඌත් දන්නවා මම ගැන හොදටම, මමත් කිසි දෙයක් වැඩි දුර හිතන්නේ නැතිව ආව.ඇවිත් අලුත් රැකියාව යාලුවගෙන් අහගෙන ජොබ් එකක් හොයා ගත්ත.දැන් මගේ ෆිඉල්ඩ් එකෙන් පිට රැකියාවක් අවරුදු පහක් තිස්සේ කරනවා.ගෙවල් වල වැඩ ඉවර උනා,දැන් මම කැමති නැති, ඉගෙන ගත්ත දේට පිට රැකියාවක් කරනවා. ආපහු පරණ රැකියාවට යන්න ආස උනත් වගකීම් වැඩි නිසා අවදානමක් අරගෙන වේද කරන්න බෑ.දැන් මට හිතෙනව එදා පොඩි කාලයක් ඉවසුවානම් කලබල වෙන්නේ නැතිව මේ වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙන්නේ නෑ කියල.

දෙවැනි එක කෙල්ලගේ අධ්‍යාපනය නවත්තල කසාද බැදපු එක
මේක  කලේ ඇයි කියල මටම තේරෙන්නේ නෑ.එයාගේ වැඩ ටික ඉවර වෙනකල් හිටිය නම් මට ඕන කරන රැකියාවකට මාරු වෙන්න තිබ්බ වෙන රටකට ගිහින් හරි.කාලය වෙනස් උනා. . . ළමයි ලොකු වෙනවා . . . දැන් අවශ්‍යතාවය වෙනස් වෙලා, දැන් මම එයාට යන්න එපා කියල කියපු රටට යන්න ක්‍රමයක් නැතිව කල්පනා කරනවා.

දැන් අර යාලුවෝ දෙන්න ගේ කතාව.එක්කෙනෙක් දැනට ලංකාවේ රැකියාවක් කරනවා.ඌ කියනවා මම කරපු දේ  ඌ නොකළ එකලු ඌ කල වැරැද්ද ???.එක නිසා දැන් වයස ගිහින් ළමයි නිසා මේ වෙලාවේ රට යන්න ඕන උනත් යන්න බැරිලු.එක නිසා ජීවිතේ කර ගන්න තියන වැඩ පස්සට දාල අමාරුවෙන් ජීවත් වෙනවා කියල කියනවා.දැන් මම ඒ වෙලාවෙ රට නොගියානම් මටත් මෙහෙම වෙන්න තිබුන.

අනිත් කෙනා  දැන් බදින වයස පහු වෙලා Msc, MBA, කීපයක් තියාගෙන හොද රැකියාවක් තියාගෙන බදින්න හොයනවා.ඌ කියනවා ඉගෙන ගන්න එක පස්සට දාල නියම වෙලාවට කසාද බැන්දේ නැති එක වැරද්දක්???.දැන් මමත් එදා කෙල්ලට ඉගෙන ගන්න යවල මම මෙහෙ ඇවිත් අවුරුදු තුනක් බලාන හිටිය නම් මටත් ඔය වගේ කතාවක් කියන්න වෙයිද දන්නේ නෑ.

මොකක් හරිද මොකක් වැරදිද දන්නේ නෑ.කර්මය නිසා මේවා මෙහෙම වෙනවද දන්නේ නෑ.අපි ජීවිතේ අපි ගන්න තීරණ අපිව එකිනෙකට වෙනස් පාරවල් වල අරගෙන යනවා අපි හිතන්නේ වත් නැති විදියට.හොදටම ප්ලෑන් කරලා ගන්න තීරණ කවදාවත් ඒ විදියට වෙන්නේ නෑ.එක පාරට හිතට එන දේවල් කලාම සමහර විට හරි සමහර විට වැරදි නමුත් දුකක් නෑ මොකද හිතල නෙමේ කලේ කියල හිත රවට්ට ගන්න පුළුවන් නිසා.

කොහොම උනත් මම වැරදි කියල හිතාන හිටපු දේවල් වැරදිද කව්ද දන්නේ . . .සමහර විට හරි ඇති. .
හිත රවට්ට ගන්නවද නැත් නම් තේරුම් ගත්තද මටම තේරෙන්නේ නෑ.

Thursday 25 April 2013

මගේ ගමන් මඟ . . .

නිකමට හිතෙන දේවල් වගේම අත්විදපු දේවල් ටිකකුත් එක්ක ලියන්න කියල.කාලයක් බ්ලොග් කියවල රස වින්ද.දැන් ලියන එක කොහොමද බලමු.

කියවන අයගේ ප්‍රතිචාර කොහොම උනත් කියන්න ඕන මේක මගේ ජීවිතේ පළවැනි ලියන වැඩේ.මොකද දිනපොතක් වත් ලියල නෑ මේ වෙනකල්.එක නිසා ටිකක් නීරස වගේ නම් පොඩි උපදෙසක් වගේ මොනා හරි කියල යන්න.

එහෙනම් මමත් ලියන්නම් මොනාහරි බලමු පුළුවන් වෙයිද කියල වැඩේ අල උනොත් නවත්තන්න බැරිය.